ශ්‍රී ලංකාව පොහොසත් වාරිමාර්ග උරුමයකින් සමන්විත ජලාශ්‍රිත ශිෂ්ටාචාරයකින් යුක්තයි. තිරසාර භාවිතය සඳහා ජල හා භූමි සම්පත් සංවර්ධනය හා කළමනාකරණය කිරීම මගින් මෙම සම්ප්‍රදායන් ජීවමානව තබා ගැනීමට අපි කැපවී සිටිමු. ජාතියේ ආහාර සුරක්ෂිතතාව සඳහා ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය කිරීම සඳහා වී වගාව සඳහා ජලය සපයන අතරම, අදාළ කලාපවල අනෙකුත් සියලුම ජල අවශ්‍යතා සපුරාලිය යුතුය. අපගේ ප්‍රතිපත්ති, සැලසුම් සහ වැඩසටහන් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යොමු කර ඇත.

දැක්ම
“ තිරසර ජල සම්පත් කලමකරණය, පුනර්ජනනීය බලශක්ති හා ප්‍රශස්ථ ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම. ”

මෙහෙවර
“ජල සම්පත් සංවර්ධනය හා කළමනාකරණය තුළින් බහුවිධ අවශ්‍යතා ඉටුකරමින් ප්‍රජාවගේ හා පරිසරයේ යහපැවැත්ම සැපසීම.”

අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයන්
  • I. අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි විෂයන්ට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සමාලෝචනය හා ඇඟයීම.
  • II. අමාත්‍යාංශ විෂය පථයට අයත්වන මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාමි අයුරින් ලබා දීම.
  • III. ජල සම්පත් හා වාරි පද්ධති සංවර්ධනය.
  • IV. මෙහෙයුම හා නඩත්තුවද ඇතුළුව වාරිමාර්ග පද්ධති හා ගංඟා ද්‍රෝණි කළමනාකරණය.
  • V. ජල මූලාශ්‍ර හා වාරිමාර්ග පද්ධති සංරක්ෂණය හා ආරක්ෂා කිරීම.
  • VI. වේලි ආරක්ෂණ විධි විධාන සම්පාදනය කිරීම.
  • VII. බහුවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය ජල ප්‍රමාණයන් වෙන් කිරීම සඳහා තාක්ෂණික මඟ පෙන්වීම හා නිර්ණායක සකස් කිරීම.
  • VIII. ජල මූලාශ්‍ර හා ආශ්‍රිත පරිසර දූෂණය වැළැක්වීමට හා ජලයේ ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා උපාය මාර්ගික වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • IX. ගොඩබිමට කරදිය ගලා ඒම වැළැක්වීමේ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • X. අපවහනය සහ ගංවතුර ආරක්ෂණය.
  • XI. ඉංජිනේරුමය උපදේශන සේවා ලබා දීම.
  • XII. රාජ්‍ය අංශයේ ප්‍රධානතම ඉදි කිරීම් සේවා සැපයුම්කරු ලෙස ප්‍රමිතිගත ඉදි කිරීම් කාර්යයන්හි නිරත වීම.
  • XIII. වාරිමාර්ග පද්ධතිවල ආයතනික සංවර්ධනය හා ඵලදායිතාවය ප්‍රවර්ධනය කිරීම.
  • XIV. භූගත ජලය සංවර්ධනය අධීක්ෂණය හා කළමනාකරණය.
  • XV. වැසි ජල සංරක්ෂණය, වැසි ජලය රුස් කිරීම ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • XVI. ජාතික විදුලිබල සැපයුමෙහි ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරු ලෙස මහවැලි ජලාශ පද්ධති කළමනාකරණය.
  • XVII. දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස මහවැලි විශේෂ බල ප්‍රදේශ හරහා ලබා දෙන දායකත්වය පුළුල් කිරීම.
  • XVIII. දේශීය වාරිමාර්ග ඉංජිනේරු සේවාව ආරක්ෂා කරමින් වාරිමාර්ග ක්ෂේත්‍රයේ වෘත්තීය සේවා පුළුල් කිරීම.
අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණු
  • I. රටේ සියලු ජල පරිභෝජන හා බලශක්ති අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ජල සම්පත සංවර්ධනය හා කළමනාකරණය.
  • II. ඉඩම් හා ජල භාවිතවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
  • III. ගංඟා ද්‍රෝණි හා ජල මුලාශ්‍ර සංරක්ෂණය මගින් ජලයේ ගුණාත්මක බව හා තිරසාර බව ආරක්ෂා කිරීම.
  • IV. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අවශ්‍ය වාරි ජල හා කෘෂිකාර්මික උපදේශන පහසුකම් සැලසීම.
  • V. සියලු ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය ආරක්ෂිත ගෘහස්ත ජල සැපයුමක් තහවුරු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම.
  • VI. පාරිසරික සමතුලිතතාවය හා සංවර්ධනය සඳහා අවශ්‍ය ජල පහසුකම් සැලසීම.
  • VII. වාරි පද්ධති ආශ්‍රිත ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම තුළින් කෘෂිකර්මාන්තයේ තිරසාර බව තහවුරු කිරීම.
  • VIII. කර්මාන්ත, සංචාරක සේවා අංශවල ජල අවශ්‍යතා සපුරාලීම.
  • IX. ශ්‍රී ලංකාවේ භූගත ජල සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය.
  • X. මහවැලි විශේෂ ආර්ථික බල ප්‍රදේශ මගින් ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් ලබා දීම.
 අනාගත ආයෝජන 
  • තෝරාගත් දිස්ත්‍රික්කවල භූගත ජල අධීක්ෂණ ජාලයක් ස්ථාපිත කිරීම.
  • ප්‍රධාන මධ්‍යම වාරිමාර්ග යෝජනා ක්‍රමවල ඵලදායිතා වැඩිදියුණු කිරීමේ සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (PEISEIP)
  • මහවැලි LB පහළ ද්‍රෝණිය සංවර්ධනය. (කින්නියා, කන්තලේ)
  • ගංගා ආරක්ෂණ, සංරක්ෂණ සහ කළමනාකරණ වැඩසටහන
  • භූගත ජල සංවර්ධන ව්‍යාපෘති සහ පර්යේෂණ කටයුතු සඳහා යන්ත්‍රෝපකරණ සහ උපකරණ ප්‍රසම්පාදනය.
  • කෘෂි පරිසර සංචාරක ව්‍යාපෘතිය (රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය)
  • රාජාංගනය විදුලි සෝපාන වාරිමාර්ග යෝජනා ක්‍රමය සඳහා ඩීසල් සහ විදුලියෙන් ධාවනය වන පොම්ප සූර්ය බලයෙන් ධාවනය වන පොම්ප බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය.
  • පැල්වත්ත ප්‍රදේශයේ උක් වගා කරන ප්‍රදේශවල වාරිමාර්ග වැව් සහ ඇළ මාර්ග වැඩිදියුණු කිරීම.

වාරිමාර්ග අංශය
මහවැලි හා ජාවත්ත පරිශ්‍රය තුළ ඇති අංශ සහ මාණ්ඩලික නිළධාරින්ගේ නාම ලේඛනය

අංශය තනතුර නම දුරකථන
පාලන අංශය අතිරේක ලේකම්
(පාලන)
එච්.ජී.ජේ.පී විජයසිරිවර්ධන මිය 011 - 2684053
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
(පාලන I) - තොරතුරු නිළධාරි
එච්.ඩී අසිංසලා සෙනෙවිරත්න මිය 011 - 2196257
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
(පාලන II)
එච්.කේ.ජී නිරෝෂණා මිය 011 - 2687291
සහකාර ලේකම්
(පාලන II)
එච්.ඒ.වී.කේ. පලන්සූරිය 011 - 2681079
පරිපාලන නිළධාරි ටී. දර්ශනී විතාන පතිරණ මිය 011 - 2681092
ආයතන, නීති හා විමර්ශන අතිරේක ලේකම්
(ආයතන, නීති හා විමර්ශන)
එම්.බී.එල් රහුමාන් මයා 011 - 2055432
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
(ආයතන, නීති හා විමර්ශන)
කේ.එම්.වයි.එස් කුෂානි බොරලැස්ස මිය 011 - 2081135
ප්‍රධාන කළමනාකරණ සේවා නිළධාරි
(ජාවත්ත පරිශ්‍රය)
ආර්.ආර් දමයන්ති මිය 011 - 2081371
ඉඩම් අංශය අතිරේක ලේකම්
(ඉඩම්)
චන්ද්‍රිකා වී ඇතුගල මිය 011 - 2684067
අධ්‍යක්ෂ ඉඩම් ජී.යුු.කේ අල්ගේවත්තගේ මයා 011 - 2672110
නීති නිළධාරි
(ඉඩම්)
චින්තා දමයන්ති මිය 011 - 2682580
ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් අංශය අධ්‍යක්ෂ ජනරාල්
(ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත්)
ඉංජි. එන්.පී ජයතිලක මයා 011 - 2684395
අධ්‍යක්ෂ
(ප්‍රසම්පාදන)
ඉංජි.එස් කෝකුලරමනන් මයා 011 - 2695290
අධ්‍යක්ෂ
(කොන්ත්‍රාත්)
ඉංජි. එස්.පී.එන්.ඩී සෙනරත් මිය 011 - 2694277
සහකාර අධ්‍යක්ෂ
(ප්‍රසම්පාදන)
ඉංජි එච්.පී.එස් ශ්‍රිිලාල් මයා 011 - 2682432
සහකාර අධ්‍යක්ෂ
(ප්‍රසම්පාදන)
ඉංජි.චන්දන එදිරිසුුරිය මයා
ගිණුම් අංශය ප්‍රධාන මුුල්‍ය නිළධාරි එන්.එස්.ආර් සිවරූබන් මයා 011 - 2081142
ප්‍රධාන ගණකාධිකාරි ටී.ටී.එන් ප්‍රනාන්දු මිය 011 - 2503796
ප්‍රධාන ගණකාධිකාරි බී.කේ නිශාන්ත මයා 011 - 2055119
ප්‍රධාන ගණකාධිකාරි එම්.ඩබ් ගයානි චමාලිකා මිය 011 - 2555017
ගණකාධිකාරි එල්.එම්.වී.ඞී.කේ ද මැල් මිය 011 - 2503794
අභ්‍යන්තර විගණන අංශය ප්‍රධාන අභ්‍යන්තර විගණක ජී.එස් උදය කුමාර මයා 011 - 2081623
යාන්ත්‍රික අංශය අධ්‍යක්ෂ ජනරාල්
(ඉංජිනේරු)
එච්.කේ.ඩී.ඩබ් තේජා ගජනායක මයා 011 - 2588148
සැලසුම් අංශය නියෝජ්‍ය අධ්‍යක්ෂ
(සැලසුම්)
ඩිි.ඒ.ජී.ජී අබේසේකර මිය 011 - 2503704
නියෝජ්‍ය අධ්‍යක්ෂ
(සැලසුම්)
එල්.පී.සී ප්‍රනාන්දු මිය 011 - 2081131
ජල සම්පත් සැලසුම් හා කළමනාකරණ අතිරේක ලේකම්
(ජල සම්පත් සැලසුම් සහ කළමනාකරණ)
ඩී.එන්.එච්.එල් මඩවලගම මිය 011 - 2081130
අධ්‍යක්ෂ
(ජල සම්පත් සැලසුම්)
ඉංජි.එල්.ආර්.එච් පෙරේරා මයා 011 - 2081134
නියෝජ්‍ය අධ්‍යක්ෂ
(ජල කළමනාකරණ)
ඉංජි. ටී.එච්.ආර්.සී චන්ද්‍රතිලක මිය 011 - 2556021
ජල සම්පත් සංවර්ධන අංශය අතිරේක ලේකම්
(ජල සම්පත් සංවර්ධන)
ඉංජි.පී.එම් ජයදීර මිය 011 - 2550057
අධ්‍යක්ෂ
(ජල සම්පත් සංවර්ධන)
ඉංජි.එස්. වික්නේෂ්වරන් මිය 011 - 2502724
අධ්‍යක්ෂ
(ජල සම්පත් සංවර්ධන)
කේ.බී.එස්.එල් මධුෂාන් මයා
සහකාර අධ්‍යක්ෂ
(ජල සම්පත් සංවර්ධන)
එච්.එම්.ඒ.ඩී.ඩබ් බණ්ඩාර මයා
සහකාර අධ්‍යක්ෂ
(ජල සම්පත් සංවර්ධන)
කේ.කේ.පී විජේනායක මිය
ගංඟා ද්‍රෝණි කළමනාකරණ අංශය අධ්‍යක්ෂ ජනරාල්
(ගංඟා ද්‍රෝණි කළමනාකරණ)
එල් ලක්සිරි සිල්වා මයා (වැ .බ) 011 - 2684044
සහකාර අධ්‍යක්ෂ
(ගංඟා ද්‍රෝණි කළමනාකරණ)
ඩබ්.ඒ.එන්.ආර් විතක්ෂණා මිය 011 - 2681073
කෘෂිකර්ම අංශය අධ්‍යක්ෂ ජනරාල්
(කෘෂිකර්ම)
ඩබ්.ටී රංජනී මිය 011 - 2081136
අධ්‍යක්ෂ
(කෘෂිකර්ම)
ඒ.ආර්.ඩබ්.එම්.එම්.යූ අමරකෝන් මිය 011 - 2081136
අධ්‍යක්ෂ
(කෘෂිකර්ම)
එස්.ඩී.කේ ප්‍රියදර්ශනි මිය 011 - 2687291
ව්‍යාපෘති පිරිස් හා ප්‍රගති කළමනාකරණ අංශය අතිරේක ලේකම්
(ව්‍යාපෘති පිරිස් හා ප්‍රගති කළමනාකරණ)
එච්.පී සුමනසේකර මයා 011 - 2675790
භාෂා පරිවර්තක අංශය භාෂා පරිවර්තක උපුල් ගුණරත්න මයා 011 - 2081805
භාෂා පරිවර්තක එම්.පී ගමගේ මිය 011 - 2675958