fo
2025-10-10
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගංගාධාර කළමනාකරණ අංශය විසින් සංවිධානය කරනු ලැබූ ලෝක ගංගා දින සැමරුම 2025.10.09 වන දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශන ශාලාවේදී වාරිමාර්ග අධ්යක්ෂ ජෙනරාල් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
හෙට දිනය වෙනුවෙන් සුරකිමු ගංගායනා යන තේමා පාඨය යටතේ පැවැති මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත දේශනය සිදු සිදු කරනලද්දේ මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉංජිනේරු රුවිඳු ගුණවර්ධන මහතා විසිනි.
මානව පැවැත්ම සඳහා කංගාවක් වැදගත් වන ආකාරය සහ එම ගංගාව ආරක්ෂා කර ගැනීම මෙන්ම ගංගාව මේ වන විට මුහුණ දෙන අර්බුදයන් පිළිබඳව ලද අතර ඒ පිළිබඳව අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධයක් ලබාදීමද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ජෙනරාල් තුමන්, අතිරේක වාරිමාර්ග අධ්යක්ෂ ජෙනරාල්වරුන් ,වාරිමාර්ග අධ්යක්ෂවරුන් හා රේඛීය ආයතන වලින් නිලධාරි මහත්ම මහත්මීන් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.
Agri Digital News