fo
ගොවියන් 7000 පමණ පීඩා විඳින අතරමග නවතා දමා ඇති දැදුරු ඔය ඉඟිණිමිටිය වාරි ව්‍යාපෘතිය නිරික්ෂණයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහභාගී වේ.
දැදුරු ඔය ජලාශයෙ සිට ඉඟිණිමිටිය දක්වා 35 km ප්‍රමාණයක් ජලය රැගෙන යන ප්‍රධාන ඇළ මාර්ගය 25 km ක ප්‍රමාණයක් කොන්ක්‍රීට් කොට සාදා නිම කර ඇති අතර ඉතිරි 10km ක ප්‍රමාණය ඇළ මාර්ගය කපා තිබුනත් ජලය නොයෙන මට්ටමට අවහිරව පවතී. මෙය කහඳවැව ස්ථානයේදි පහළට ජලය ගලා යාමට නොහැකි වන සේ සොරොව්වක් දමා වසා දමා ඇත. වසා දමා ඇති 10km ක වපසරිය තුළ පද්දතියේ වම් ඉවුර සහ දකුණු ඉවුර තුළ ගොවියන් 7000 ක පමණ ප්‍රමාණයක් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වල නිරතව ඇත. එම ගොවියන් 7000 ක පමණ ප්‍රමාණයම ජලය නොමැතිකම නිසා මෙවර කුඹුරු අස්වැද්දීම නොකල අතර උග්‍ර ජල ගැටළුවකටද මුහුණපාමින් සිටි.
මිලියන 13 කට ආසන්න මුදලක් යොදවා මෙම ව්‍යාපෘතිය පසුගිය පාලන කාලයේ ආරම්භ කලේ ඉඟිණිමිටිය ජලාශය වෙත ඇළ මාර්ග ඔස්සේ ජලය ලබා ගැනීමටයි දේශපාලන අර්බුද නිසා ව්‍යාපෘතිය අතරමග නවතා දමන ලදී.
ප්‍රදේශයේ ගොවි ජනතාවගේ විශේෂ ඉල්ලීමකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා ඉඟිණිමිටිය ප්‍රදේශයේ මේ පිළිබඳ අධීක්ෂණයක යෙදුණි. මෙහිදී අමාත්‍යවරයා ගොවියන් සමඟ සාකච්චාවකට එක් විය. ගොවියන් කරුණු පැහැදිලි කිරීමෙන් පසු නිරික්ෂණය කිරීමට අමාත්‍යවරයා තීරණයව කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා පළාත්පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සමඟ සභාපතිවරුන් මන්ත්‍රීවරුන් නිලධාරීන් ඇතුළුව ප්‍රාදේශිය ගොවිසංගම් නියෝජිතයින් සහභාගී විය.
කෘෂිකර්මාන්තයට වනසත්ව හානිය බරපතල ගැටළුවක් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ වනජීවී කලමනාකරණය කියන මාතෘකාවක් නැහැ. ඒකට ආයතනයක් හෝ වගකිව යුතු ආයතනයක් නැහැ. වනජීවී දෙපාර්තමේන්තුව ඉන්නේ සත්තු බලාගන්න. අපට අවශ්‍ය වෙලා තියෙනවා, වනජීවී කලමනාකරණය කියන විෂයට අදාළ ආයතනයක් සහ වැඩපිළිවෙලක්. වනජීවීන් කලමනාකරණය කරගන්න නම් මුලින්ම වනජීවීන් ගණන් කරගෙන ඉන්න ඕනේ. ප්‍රමාණය දැන ගන්න ඕනේ. අපි පසුගිය දිනවල වනසතුන් ගණනය කිරීමක් සිදු කළා. ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරනවා.
නකල්ස් ව්‍යාපෘතිය යටතේ වියදම් කරන්න මුදල් තියෙනවා. අපිට අභියෝගයක් තියෙනවා ඒ මුදල් ඵලදායී ලෙස ඉක්මනින් වියදම් කිරීම සම්බන්ධයෙන්. ඒ මුදල් වියදම් නොකළොත් ව්‍යාපෘතිය අසාර්ථකයි. අපි ඉදිරියේදී මෙම ව්‍යාපෘතියවල ප්‍රතිලාභ ජනතාව අතරට ගෙනයන්න කටයුතු කරමින් සිටිනවා.
මෙය හැකි ඉක්මනින් ආරම්භ කොට ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගැටළු වලට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස අමාත්‍යවරයා පොරොන්දු වූ අතර නිලධාරීන්ට මේ පිළිබඳව අවධාරණය කරන ලදී.