2026.01.26

ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත‍්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා 2026.01.26 වන දින ජාවත්ත පරිශ්‍රයට පැමිණීම

ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත‍්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා 2026.01.26 වන දින ජාවත්ත පරිශ්‍රයට පැමිණි අතර එහිදී අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. වාරිමාර්ග අංශයට අදාළ ජාවත්ත පරිශ්‍රයේ සහ මහවැලි පරිශ්‍රයට අදාළ අංශ පිළිබඳව අමාත්‍යවරයා සහ මාණ්ඩලික නිළධාරීන් කරුණු සාකච්ඡා කරනු ලැබූහ.තවද අමාත්‍යාංශයට අයත් ආයතන සහ ව්‍යාපෘති පිළිබඳ හැඳින්වීමක්ද මෙහිදී සිදු කරන ලදී. ආයතන සහ ව්‍යාපෘතීන්වල ඇති ගැටලු පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.