2026-01-01
වාරිමාර්ග අංශය තුළ 2026 නව වසර සඳහා පිළිගැනීමේ උත්සවය කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ගරු ඩී. පී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.01 වන දින මහවැලි පරිශ්‍රයේදී පැවැත්වුණි. සියලූම මාණ්ඩලික නිළධාරීන් එක්ව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ( දිවුරුම ) ලබා දීමෙන් අනතුරුව 10 වන මහලේ පැවති උත්සවයට සහභාගී වූ අතර කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ගරු ඩී. පී වික්‍රමසිංහ මහතා විසින් සභාව අමතන ලදී. එහිදී 2025 වර්ෂයේ කෘෂිකාර්මික අංශය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද එතුමා විසින් ප්‍රකාශ කළ අතර ඉන් අනතුරුව පාලන අංශයේ අතිරේක ලේකම් එච්.ජී. ජේ. පී විජයසිරිවර්ධන මහත්මිය විසින්ද සභාව අමතන ලදී.