2025-12-12
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජලාශ හා වාරිමාර්ග පද්ධතිවලට සිදුව ඇති හානි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින CResMPA, MWSIP, CSIAP, IWWRMP සහ නකල්ස් ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය අද (22) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
ඒ අතර මහවැලි D කලාපයේ අත්තනකඩවල සහ බකමූන ප්‍රදේශවල ගොවි ජනතාවට කුඹුරු සඳහා ජලය සැපයූ ඇලහැර අමුණ කඩාගෙන යාම හේතුවෙන් එම ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇත.
කෙසේ වෙතත්, මෙම අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් 150 දෙනකු, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් 100කට අධික පිරිසක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව දිවා රාත්‍රී නොබලා අඛණ්ඩව වැඩකටයුතු සිදුකරමින් සිටී.
එහි ප්‍රතිඵලයක් ලෙස, තවත් දින කිහිපයක් ඇතුළත මෙම ප්‍රදේශවලට අවශ්‍ය ජලය නැවත සැපයීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය දින කිහිපයක් ඇතුළත යථා තත්වයට පත්කර මෙම කන්නයේදී හෙක්ටයාර 4200කට අධික කුඹුරු භූමි ප්‍රමාණයක් නැවත වගා කටයුතු සඳහා යොමු කළ හැකි වනු ඇත.
මෙම කටයුතු පිළිබඳ සොයාබැලීමක් සිදුකිරීම සඳහා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා ඊයේ (12) දින අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට පැමිණියේය.