26-12-2025

නැවත ගොඩනැ‍ගෙන ශ්‍රී ලංකා අරමුදලට ව්‍යාපාරිකයින්ගෙන් අතහිත

නැවත ගොඩනැගෙන ශ්‍රී ලංකා අරමුදලට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් සිය ප්‍රදානයන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වෙත භාර දෙනු ලැබීය. මෙහිදී Kandy Spices Agro PVT Limited ආයතනය විසින් රුපියල් ලක්ෂ 40ක පරිත්‍යාගයක් ද, මිනින්දොරු සංගමය විසින් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් ද සිදු කරන ලදී. මීට අමතරව Orange ආයතනය විසින් රුපියල් මිලියන 15කට අධික විදුලි උපකරණ පරිත්‍යාගයක් ද බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
"නැවත ගොඩනැගෙන ශ්‍රී ලංකා අරමුදලට ඉදිරියටත් සහයෝගය ලබා දෙන්න. මෙම අරමුදල් රජය ඉතා වගකීමෙන් යොදන නිසා ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා.

මේ දිත්වා සුළි කුණාටුවේදී පොදු ජනතාව ස්වේච්ඡාවෙන් උදව් උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඒක අපේ ජානවලම තියෙන දෙයක්. සමහර රටවල ඒ තත්ත්වය දකින්න නැහැ. දැන් අපි මේ ආපදා තත්ත්වයෙන් යම් තරමකට මිදිලා හුස්ම ගනිමින් ඉන්නවා."

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.