දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය 

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ දේශගුණික විපර්යාස නිසා අවධානමට ලක්වී ඇති මිනිස් ජීවිත හා දේපලවලට ඇති අවධානම අවම කිරීම සහ ව්‍යසනයන්ට සාර්ථකව මුහුණ දීමට රජයට ඇති  හැකියාව වැඩිදියුණු කිරීමයි.

මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 152 ක ලෝක බැංකු ආධාර යටතේ සංරචක 04ක් වශයෙන් ක්‍රියාත්මක වේ. එමඟින් ගං වතුර, නියං සහ නායයාම් හේතුවෙන් සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කිරීම හා ඉදිරියේදී දේශගුණික විපර්යාසයන් නිසා  ගං වතුරෙන් හා නියඟයෙන් සිදුවන හානිවලට ඔරොත්තුදීමට ඇති හැකියාව වැඩිකර රටේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා තෝරාගත් ගංගා ද්‍රෝණි සඳහා ගංගා ද්‍රෝණි ආයෝජන සැලසුම් සකස් කිරීම හා එමඟින් ඉදිරියේ එවැනිම අධ්‍යයනයන් අනෙකුත් ගංගාද්‍රෝණි සඳහාද ඉටුකිරීම සඳහා ක්‍රියාත්මක කිරීමේ ආයතනවල නිලධාරීන් පුහුණු කිරීම සිදුකෙරේ.

ව්‍යාපෘති කාර්යයන් ප්‍රධාන සංරචක 04ක් යටතේ සිදුකෙරේ.එනම්;

ව්‍යාපෘති සංරචක 0 1

ගංගා ද්‍රෝණි ආයෝජන සැලසුම් සකස් කිරීම.

මෙම සංරචකය යටතේ කැළණි ගඟ, අත්තනගළු ඔය, ගිං ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ, මුන්දෙනිආරු, මල්වතු ඔය, දැදරු ඔය, මා ඔය, කලා ඔය හා ගල් ඔය යන ගංගා ද්‍රෝණි11 පිළීබඳ අධ්‍යයනය කර ගංවතුර හා නියං තත්වයන් යටතේ අවදානම් විශ්ලේෂණයකර අනුකල්පිත සිදුවීම් වලට අනුකූලව ආදර්ශ මොඩලයන් සකස්කර ආයෝජන සැලසුම් සකස් කිරීමට ප්‍රමුඛතාවයක් දෙනු ලැ‍බේ. මෙමඟින් පළමුව අදියර I යටතේ විදේශීය ආයතනයක් මඟින් ක්‍රියාත්මක කිරීමේ ආයතනවල නිලධාරීන්ද සහභාගී කරවාගෙන ගංඟා ද්‍රෝණි 06ක තෝරාගත් විසඳුම් සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යන මට්ටමෙන් අධ්‍යනයන් ඉටුකර ගංඟා ද්‍රෝණි ආයෝජන සැලසුම් සකස් කිරීමත් අදියර 02ක යටතේ ප්‍රමුඛතාවය අනුව තෝරාගත් යෝජනා සඳහා ගංඟා ද්‍රෝණි ආයෝජන සැලසුම් සකස් කර  ඉතිරි ගංඟා ද්‍රෝණි සඳහා එම සමාගමේ විශේෂඥ දැනුම ඇති අයගේ අධීක්ෂණය යටතේ පුහුණු වූ නිලධාරීන් විසින් ගංඟා ද්‍රෝණි ආයෝජන සැලසුම් සකස් කිරීමත් කරනු ලැබේ. ඒ අනුව ඉදිරියේදී මෙම ආයෝජන සැලසුම් වල ඇතුළත් කර ඇති යෝජනා අදාළ ක්‍රියාක්මක කිරීමේ ආයතන මඟින් ඉදිරි කටයුතු ඉටුකර ක්‍රියාත්මක කිරීම මඟින් ගංවතුරෙන් හා නියඟයෙන සිදුවන හානි අවම කර රටේ ආර්ථිකයට සිදුවන හානිය අවම කර ගැනීමට අපේක්ෂා කරයි.

ව්‍යාපෘති සංරචක 0 2 

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම. 

මේ යටතේ දේශගුණික බලපෑම නිසා තර්ජනයට ලක්වී ඇති ස්ථාන අතරින් ප්‍රමුඛතාවයෙන් ඉහල,

  1. වාරි පද්ධති වල ඇළවේලි, ඉවුරු, ජල පාලන මෙවලම්, ගං වතුර පාලනය කරන වේලි සහ ජලය බෙදා හරින නිර්මිත පිළීසකර කිරීම හා වැඩිදියුණු කිරීම.
  2. ජල ගැලීම් නිසා අවදානමට ලක්වී ඇති මාර්ගවල පාලම්, බෝක්කු වැඩිදියුණු කිරීම හා අවධානමට ලක්ව ඇති බෑවුම් ස්ථායීකරනය කිරීම.
  3. නායයාම් නිසා තර්ජනයට ලක්ව ඇති පාසල්වල බෑවුම් ස්ථායීකරනය කිරීම.

ආදී කාර්යයන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන හා එක්ව සිදු කරනු ලැබේ.

ව්‍යාපෘති සංරචක 03

මේ යටතේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සිදුකෙරේ.

ව්‍යාපෘති සංරචක 04 

හදිසි අවිනිශ්චිත තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම  

ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන කාලය තුල ඇතිවියහැකි ස්වාභාවික ව්‍යසනයන් නිසා ඇතිවියහැකි හදිසි අවස්ථාවන්ට (ගං වතුර, නියඟ වැනි) මුහුණදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ යටතේ සිදුකෙරේ.

crip

 

Climate Resilience Improvement Project (CRIP)

The main objective of this project is to reduce the vulnerability of exposed people and assets to climate risk (flood, drought and landslide) and to improve Government’s capacity to respond effectively to disasters.

The project is implemented under 4 components under the World Bank funds for US$ 152 million. CRIP is for improvement of irrigation and transport infrastructure and schools damaged by recent floods & landslide events as a short term solution and it improves the understanding of the climate risk, enhance the country’s knowledge base and capacity, and Develop a Basin Investment Plans to mitigate floods and drought risks in selected river basins as long term solution while building the technical capacity of the relevant staff in Implementing Agencies to carry out similar studies in future for other basins.

As mentioned above, 4 project components are,

Component 01: Development of Basin Investment Plans (DBIP)

Component 1 aims to understand the vulnerability of flood and drought in future due to climate change in selected 11 river basins (Kelani Ganga, Attanagalu Oya, Nilwala Ganga, Gin Ganga, Mahaweli Ganga, Malwathu Oya, Mundeni Aru, Maha Oya, Deduru Oya, Kala Oya, and Gal Oya) and to develop long-term investment plans to minimize the risk due to flood and drought hazards while capacity building of the relevant staff in Implementing Agencies. Under this study, International Consultants, will carry out a detailed analysis to identify the risk under flood and drought in basinwise and accordingly Basin Investment Plans are prepared for identified mitigation interventions, considering future climate conditions.

This consultancy for the preparation of Basin Investment Plan (DBIP) includes two Phases and under Phase I, it is suggested to carry out a studies to identify pre-feasibility level mitigation interventions for six (06) river basins while training the counter-part staff from relevant Implementing Agencies. Under Phase II, it is suggested to carry out feasibility studies for the prioritized items of first six river basins and same study for the balance basins by counterpart staff under the supervision of Consultants.

 

Component 02: Increase climate resilience of Infrastructure

This component supports to improvements to the priorities irrigation and transport infrastructure and schools damaged by recent floods & landslide events under following items.

  • Improvement and re-habilitation of hydraulic infrastructure: canal in irrigation systems, flood control dams, flood bunds, etc.
  • Improvements to the roads, bridges, culverts which were damaged due to floods and stabilization of slopes
  • Protects schools from landslide risks.

These tasks were implements through Irrigation Department, Mahaweli Authority, National Building Research Organization and Road Development Authority.

 

Component 03: Development of Infrastructure to resist against climate changes

Implementing of Project Management Unit (PMU) actively under the Ministry of Irrigation and Water Resources Management, to implement the CRIP work.

 

Component 04: Contingent emergency response

For getting emergency response to natural disasters due to flood and drought during the project implementation period.

IMG_3341

IMG_1402

IMG_1389

IMG_3716